Skip to main content

බලාත්මක වන දිනය: 2025 ජූනි මස 03 වන දින

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී  (මෙහි මින්මතුවට ‘HNB’, ‘අපි’, ‘අපගේ’ හෝ ‘අපට’ යනුවෙන් දක්වනු ඇති) විසින් ඔබගේ පෞද්ගලික දත්ත  (පහත 01(අ) සහ 01(ආ) යටතේ අර්ථ දක්වා ඇති) සුරක්ෂිත කිරීමට සහ ඔබගේ පෞද්ගලිකත්වය සහතික කිරීමට කැපවී සිටී. මෙම රහස්‍යතා නිවේදනය මගින්, ඔබ පිළිබඳව අප රැස්කරන තොරතුරු මොනවාද යන වග, අප විසින් ඒවා සකස් කරන ආකාරය, අප විසින් ඒවා හුවමාරු කරගන්නේ කා සමගද යන වග, අප විසින් ඒවා හුවමාරු කරගනු ලබන්නේ කුමන අවස්ථාවන් යටතේද යන වග සහ එම තොරතුරු පෞද්ගලිකව සහ සුරක්ෂිතව තබාගැනීම සඳහා අප විසින් ගනු ලබන පියවරයන් පැහැදිලි කරයි.

1. අප රැස්කරන තොරතුරු

අපගේ සේවය වඩාත් හොඳින් ඔබ වෙත ලබාදීම සඳහා පහත දැක්වෙන වර්ගවල පෞද්ගලික දත්ත (මෙහි මින්මතුවට ‘පෞද්ගලික දත්ත’ යනුවෙන් දක්වනු ඇති) අප විසින් රැස්කරනු ලැබිය හැකිය:

(අ) ගනුදෙනුකරුවන් සඳහා:

  • හඳුනාගැනීමේ තොරතුරු: ඔබව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හඳුනාගන්නා තොරතුරු.
    •  උදාහරණ: නම, ස්ත්‍රී පුරුෂ භාවය, උපන්දිනය, ජාතිකත්වය, ඔබගේ ඡායාරූප, අත්සන, සේ. අ. අ. / සේ. භා. අ. , විශ්‍රාම අංකය ආදිය.
  • නිල වශයෙන් හඳුනාගැනීමේ තොරතුරු: නිල / රජයේ හඳුනාගැනීම් සඳහා වන තොරතුරු.
    • උදාහරණ: ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය, රියදුරු බලපත්‍ර අංකය ආදිය.
  • සම්බන්ධවීමේ තොරතුරු: ඔබ ඇමතීමට, පණිවිඩ යැවීමට හෝ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන තොරතුරු.
    • උදාහරණ: නිවසේ ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය (ජංගම හෝ ස්ථාවර) ආදිය.
  • මුල්‍ය තොරතුරු ::අවශ්‍ය වන පරිදි ඔබගේ මුල්‍යමය තත්වය, පසුබිම, අයිතීන් සහ ඉතිහාසය හඳුනාගන්නා තොරතුරු.
    • උදාහරණ: ගිණුම් විස්තර, ක්‍රෙඩිට් කාඩ් විස්තර, ගනුදෙනු ඉතිහාසය, ණය ඇගයුම් (credit score) ආදිය.
  • සන්නිවේදන තොරතුරු: මාර්ගගතව හෝ ඩිජිටල් අන්තර්ක්‍රියා හරහා ඔබ සම්බන්ධයෙන් එකතු කරගන්නා තොරතුරු.
    • උදාහරණ: දුරකථන සංවාද, පණිවිඩ යැවීම්, විද්‍යුත් තැපැල් සහ අප ඔබ සමග කරනු ලබන වෙනත් සන්නිවේදනයන්.
  • භූ-ස්ථාන දත්ත: උපාංගයක පිහිටීම ලබාදෙන හෝ අන්තර්ගත තොරතුරු.
    • උදාහරණ: ඔබගේ internet protocol (IP) ලිපිනය හෝ timezone settings ආදිය.
  • පෞද්ගලික සම්බන්ධතා දත්ත:: ඔබගේ අනන්‍යතාවය තීරණයකළ හැකි පුද්ගලයන් හෝ ආයතන අතර ඇති සම්බන්ධතා හෝ සමීප සබඳතා පිළිබඳ තොරතුරු.
    • උදාහරණයක් ලෙස, ඔබ දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයෙකු නම්, රාජ්‍ය නිලධාරියෙකු නම්, හෝ එවැනි පුද්ගලයින් සමඟ සමීප පෞද්ගලික හෝ මූල්‍ය සබඳතා පවත්වන්නේ නම් 
  • ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකීස්) සහ ට්‍රැකින් දත්ත:  අපගේ වෙබ් අඩවිය, මාර්ගගත බැංකුකරණය සහ ජංගම යෙදුම් මත ඔබගේ භාවිතය සහ ගවේෂණ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රැස්කිරීමට අපි ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකීස්) සහ ඒ හා සමාන ට්‍රැකින් තාක්ෂණයන් භාවිතා කරන්නෙමු. ඔබගේ උපාංගයෙන් ස්වයංක්‍රීයව යම් තොරතුරු රැස්කිරීමට අප විසින් ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකීස්) භාවිතා කරනු ලැබිය හැකිය. අභ්‍යන්තර විශ්ලේෂණ කිරීමට සහ ගැටලු නිරාකරණය කිරීමට, ඔබව හඳුනාගැනීමට සහ ඔබගේ පුමුඛතාවයන් මතක තබා ගැනීමට, ඔබගේ තොරතුරුවල  තත්වය ඉහළ දැමීමට සහ පෞද්ගලීකරණය කිරීමට සහ ඔබගේ ගිණුමේ ආරක්ෂිත තත්වය තීරණය කිරීමට සම්බන්ධනම්, මෙම තොරතුරු භාවිතා කරනු ලැබිය හැකිය. වැඩිවිස්තර සඳහා කරුණාකර අපගේ HNB ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකී) පිළිබඳ ප්‍රතිපත්තිය වෙත යොමුවන්න.

ඇතැම් අවස්ථාවන්හිදී අපට ඔබ පිළිබඳව විශේෂ ප්‍රභේදයේ පෞද්ගලික දත්ත රැස්කිරීමට අවශ්‍ය විය හැකි නමුත්, මෙම තොරතුරු එක්රැස් කරනු ලබන්නේ අවශ්‍ය නම් සහ ඔබගේ කැමැත්ත ඇතිව හෝ නීතිය මගින් අවසර ලබා දී ඇති අවස්ථාවන්වලදී පමණකි. මේවාට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

  • වාර්ගික / ජනවාර්ගික තොරතුරු : ඔබේ වාර්ගික හෝ ජනවාර්ගික සම්භවය හෙළි කරන තොරතුරු
  • ජෛවමිතික තොරතුරු : ඔබගේ ඇඟිලි සලකුණු, ඔබගේ ප්‍රතිරූප හෝ CCTV සහ වීඩියෝ පටිගත කිරීම් වැනි, භෞතික හෝ හැසිරීම් ස්වභාවයන් හරහා ඔබව අනන්‍ය ලෙස හඳුනාගන්නා තොරතුරු

ඔබගේ පුද්ගලික දත්ත ඔබෙන් සෘජුවම රැස් කරනු ලැබේ, නමුත් අවශ්‍ය පරිදි අපට ඔබගේ පුද්ගලික දත්ත වෙනත් ප්‍රභවයන්ගෙන් ද ලබා ගත හැකිය, ඒවාට ඔබ දන්නා පුද්ගලයින් ඇතුළත් වේ, නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

  • උදාහරණයක් ලෙස, බාලවයස්කරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන්. ඔබ බාලවයස්කරුවෙකු නම්. ඔබගේ පුද්ගලික දත්ත රැස් කිරීමට, භාවිතා කිරීමට හෝ බෙදා ගැනීමට පෙර අපි ඔබගේ දෙමාපියන්ගේ හෝ භාරකරුගේ කැමැත්ත ලබා ගන්නෙමු.

    (ආ) රැකියා අපේක්ෂකයන් සහ සේවා නියුක්තිකයන් සඳහා:

    ඉහත තොරතුරුවලට අමතරව අප විසින් පහත දැක්වෙන තොරතුරු ද රැස්කරනු ලැබිය හැකිය:

    හැසිරීම් පිළිබඳ දත්ත: ඔබගේ හැසිරීම් ස්වභාවයන් විස්තර කරන විශ්ලේෂණ තොරතුරු

    උදාහරණ: මනෝමිතික පරීක්ෂණ වැනි රැකියාවට පෙර සිදුකරන ඕනෑම පරීක්ෂණයක ප්‍රතිඵල

    පෞද්ගලික සම්බන්ධතා දත්ත: ඔබ සහ HNB හි සෙසු සේවකයන් අතර ඇති සම්බන්ධතා හෝ සමීප සම්බන්ධතා පිළිබඳ තොරතුරු

    උදාහරණ: පවුලේ කිසියම් සාමාජිකයකු HNB හි සේවා නියුක්තිකයකු නම්, ඇතැම් අවස්ථාවන්වලදී ඔබ පිළිබඳව විශේෂ ප්‍රභේදයේ පෞද්ගලික දත්ත රැස්කිරීමට අපට අවශ්‍ය විය හැකි නමුත්, මෙම තොරතුරු රැස්කරනු ලබන්නේ අවශ්‍ය නම් සහ ඔබගේ කැමැත්ත ඇතිව හෝ නීතිය විසින් අවසර ලබාදී ඇති විටකදී පමණකි. මේ සඳහා පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

    සෞඛ්‍ය පිළිබඳ තොරතුරු: ඔබේ සෞඛ්‍යට අදාළ තොරතුරු

    වෘත්තීය සමිති සාමාජිකත්වය: ඇතැම් අධිකරණ බලප්‍රදේශවලට අදාළ නම්

    අපරාධමය වරදකරුවන්, නඩු හෝ චෝදනා පිළිබඳ තොරතුරු: අපගේ මුල්‍ය අපරාධ වැළැක්වීමේ වගකීම් සම්බන්ධයෙන් අප විසින් හඳුනාගනු ලබන, අපරාධමය වරදකරුවකු වීම හෝ ඊට සම්බන්ධ තොරතුරු පිළිබඳව තොරතුරු. මේ සඳහා වරදවල් හෝ චෝදිත වරදවල් හෝ වරදකරු කිරීම් පිළිබඳ විස්තර ඇතුලත් වේ.

    ඔබගේ පෞද්ගලික දත්ත ඔබගෙන් සෘජුවම රැස්කරන නමුත්, අවශ්‍ය පරිදි වෙනත් මූලාශ්‍රවලින්  ඔබගේ පෞද්ගලික දත්ත අප විසින් ලබාගනු ඇති අතර, ඒ සඳහා පහත සඳහන් දෑ ඇතුලත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

    ඔබ දන්නා පුද්ගලයන්: උදාහරණ: මනෝමිතික පරික්ෂණ වැනි රැකියාවට පෙර සිදුකරන ඕනෑම පරීක්ෂණයක ප්‍රතිඵල

    ව්‍යාපාර සහ අනෙකුත් සංවිධාන: උදාහරණ: ඔබගේ සේවායෝජකයා සහ/හෝ සමාගම, ව්‍යාපාරය හෝ ඔබ නියෝජනය කරන ආයතනය හෝ අදාළ නම්, ඔබගේ ණය වාර්තා සහ වංචා වැළැක්වීමේ ආයතන, නීතිය බලාත්මක කිරීමේ අධිකාරින්, සමාජ ජාලා අඩවි (උදාහරණ: LinkedIn, Facebook,Instagram ආදිය&.

    ප්‍රසිද්ධියේ ලබාගත හැකි මූලාශ්‍ර: උදාහරණ: ඔන්ලයින් ඩිරෙක්ටරීස්, කැරියර් ෆ්ලැට්ෆෝම්ස්, ප්‍රකාශන,සමාජ මාධ්‍ය සටහන් සහ ප්‍රසිද්ධියේ ලබාගත හැකි වෙනත් තොරතුරු.

2. අපි ඔබේ තොරතුරු රැස් කරන්නේ ඇයි?

අපගේ සේවාවන් කළමනාකරණය කිරීම සහ අපගේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඔබගේ පුද්ගලික දත්ත රැස් කරන්නෙමු. අපි සාමාන්‍යයෙන් ඔබගේ පුද්ගලික දත්ත අදාළ නීති මගින් සපයා ඇති පරිදි පහත සඳහන් නීත්‍යානුකූල පදනම් එකක් හෝ කිහිපයක් සමඟ අනුකූලව සකසන්නෙමු:

  • ගිවිසුම: ගිවිසුම්ගත වගකීම් ඉටුකරන අවස්ථාවන්හිදී
  • නීතිමය  වගකීම: අදාළ නීතිය මගින් අවශ්‍ය වන අවස්ථාවන්වලදී
  • නීත්‍යානුකූල අවශ්‍යතාවය: අපගේ ගනුදෙනුකරු ලෙසට ඔබට සේවය කිරීම සම්බන්ධයෙන් වන අපගේ නෛතික බැඳීම් සම්බන්ධයෙන්
  • දත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම
  • නීතිමය හිමිකම්පෑම් සඳහා විත්තිවාච කිරීම
  • සංඛ්‍යානමය අරමුණු

3. අපි ඔබේ තොරතුරු භාවිතා කරන ආකාරය

අපි ඔබගේ පුද්ගලික දත්ත පහත සඳහන් අරමුණු සඳහා භාවිතා කළ හැකිය, ඒවාට ඇතුළත් විය හැකි නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

(අ) ගනුදෙනුකරුවන් සඳහා:

  • මූල්‍ය සේවා සැපයීම: ඔබේ ගිණුම් කළමනාකරණය කිරීම, ගනුදෙනු සැකසීම සහ බැංකු සේවා සැපයීම යනාදිය.
  • වෙනත් සේවා සැපයීම: ප්‍රකාශන මුද්‍රණය කිරීම, කාඩ්පත මත මුද්‍රණය කිරීම (emboss) සහ තැපැල් /බෙදාහැරීමේ සේවා ආදිය. 

  • නීතිමය බැඳීම්වලට අනුකූල වීම: මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ වංචා වැළැක්වීම ඇතුළු නීතිමය සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම.
  • අලෙවිකරණය සහ සන්නිවේදනය: අපගේ නිෂ්පාදන, සේවා සහ ප්‍රවර්ධන ආදිය පිළිබඳ තොරතුරු ඔබට යැවීම.
  • අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම: අපගේ වෙබ් අඩවිය, නිෂ්පාදන සහ පාරිභෝගික අත්දැකීම් ආදිය විශ්ලේෂණය කිරීම සහ වැඩි දියුණු කිරීම 
  • පාරිභෝගික සහාය: ඔබගේ විමසීම් සහ ඉල්ලීම් සඳහා සහාය වීමෙන් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම ආදිය
  • ස්වයංක්‍රීයව තීරණ ගැනීමේ ක්‍රියාවලිය: ස්වයංක්‍රීය තීරණ පහසු කිරීමට සහ භාවිතා කිරීමට, සන්නිවේදනය සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම ආදිය සඳහා දත්ත විශ්ලේෂණය,  පැතිකඩ නිර්මාණය කිරීම සහ හැසිරීම් විශ්ලේෂණය
  • ඔබ සහ අපගේ පුද්ගලයින් ආරක්ෂා කිරීම: සොරකම්වැනි වංචා සහ / හෝ වෙනත් අපරාධ වැළැක්වීමේ සහ හඳුනාගැනීමේ අරමුණු සඳහා සහ වෙනත් සෞඛ්‍ය සහ ආරක්ෂිත කටයුතු සඳහා අනුකූලවීමේ අරමුණු ආදිය සඳහා ගොඩනැගිලිවලට ප්‍රවේශ වීමේදී අනන්‍යතාව ස්ථිර කරගැනීමේ ආරක්ෂක පරික්ෂාවන් සිදුකිරීම සහ අපගේ පරිශ්‍රවල සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල CCTV නිරීක්ෂණ පටිගතකිරීම් භාවිතා කිරීම.
  • මහජන අවශ්‍යතාව: අපරාධ වැළැක්වීම හෝ හඳුනාගැනීම ආදි අරමුණු සඳහා.

    (ආ) රැකියා අපේක්ෂකයන් සහ සේවා නියුක්තිකයන් සඳහා: ඉහත 3 (අ) හි දක්වා ඇති අරමුණුවලට අමතරව, පහත දැක්වෙන අරමුණු සඳහා අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත පාවිච්චි කරනු ඇති අතර, ඒ සඳහා පහත සඳහන් දෑ ඇතුලත් වන නමුත් ඒ සඳහා සීමා නොවේ:

    රැකියා අයදුම්පත් සැකසීම: අයදුම්පත් සමාලෝචනය කිරීම, රැකියා භූමිකාවට හෝ අයදුම්කරන ලද කාර්යයට අදාළ හැකියාවන්, සුදුසුකම් සහයෝග්‍යතාවය ඇගයීම (මෙයට මනෝමිතික පරීක්ෂණ ප්‍රතිඵල ද ඇතුලත් වේ), පූර්ව රැකියා හෝ පූර්ව කාර්යයන් පරික්ෂා කිරීම් සිදුකිරීම, අනන්‍යතාව තහවුරු කිරීමට සහ යොමු කිරීම් ලබා ගැනීම ආදිය සඳහා පසුබිම පරික්ෂා කිරීම.

    සන්නිවේදනය: ඔබගේ අයදුම්පත සම්බන්ධයෙන් ඔබ සමග සන්නිවේදනය කිරීම. ඔබට සුදුසු යැයි අප සිතන වෙනත් අවස්ථාව ඇති රැකියා අවස්ථාවන් හෝ රැකියා ඇබෑර්තු පිළිබඳව ද අප විසින් ඔබව දැනුවත් කළහැකිය.

    අපගේ අයදුම්කරුවන් පරික්ෂා කිරීමේ පරිචයන් සහ බඳවා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම: පරිපාලන කටයුතු, අවධානම් කළමණාකරණ කටයුතු, ව්‍යාපාර මෙහෙයුම් විගණනය කිරීම ආදිය ඉටු කිරීම.

    සැ.යු.: අපට අවශ්‍ය යැයි සලකන සහ/හෝ අපගේ නෛතික සහ නියාමන බැඳීම් සපුරාලීමට අවශ්‍ය පෞද්ගලික දත්ත ඔබ අපට ලබා නොදුනහොත් හෝ ඒවා සැකසීමට ඔබට අවශ්‍ය නොවන්නේ නම්, ඔබගේ රැකියා අයදුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතුකිරීමට අපට නොහැකි විය හැකිය.

4. දත්ත හුවමාරුව

ඉහත 3 (අ) සහ 3 (ආ) හි දක්වා ඇති අරමුණු සඳහා හෝ නීතියට අනුව අවශ්‍ය කරන පරිදි හෝ යම්කිසි අධිකාරියක් විසින් ඉල්ලා සිටින විට, අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත HNB සහ එහි සමූහය සහ අපගේ අනුශාසකයින්, උපදේශකයන්, සේවා සපයන්නන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ තෙවන පාර්ශවයන් (ඔවුන්ගේ සේවකයන්, උපකොන්ත්‍රාත්කරුවන්, සේවා සපයන්නන්, අධ්‍යක්ෂවරුන් සහ නිලධාරින් ආදීන් ඇතුලත් වන නමුත් ඒවාට සීමා නොවී) සමග බෙදාගත හැකිය. දත්ත හුවමාරු කිරීමට සහ දේශසීමා හරහා කරන ගනුදෙනුවලට අදාළ දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූලව, අප සමග ඇති ඔබගේ බැංකු සම්බන්ධතාවයේ සේවා සහ අවශ්‍යතාවයන් වල ස්වභාවය මත පදනම්ව, දේශීය හෝ විදේශීය ආයතන සමග අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත හුවමාරු කර ගැනීම සිදුකරනු ලැබිය හැකිය.

අපි ඔබේ පුද්ගලික දත්ත බෙදා ගන්නේ කෙසේද සහ කා සමඟද යන්න සීමා කරන අතර, අපි එය බෙදා ගන්නා විට පුද්ගලික දත්ත රහසිගතව සහ ආරක්ෂා කර ඇති බව සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නෙමු. ඔබේ පුද්ගලික දත්ත බෙදා ගන්නා පාර්ශවයන් ඔබේ බැංකු සම්බන්ධතාවය සහ පුද්ගලයෙකු ලෙස අප සමඟ ඔබේ අන්තර්ක්‍රියා මත පදනම්ව වෙනස් විය හැකිය. ඔබේ කැමැත්ත අපට නොමැති නම්, නීතියෙන් එසේ කිරීමට අවශ්‍ය නම් හෝ එවැනි බෙදාගැනීමක් පිළිබඳව කලින් ඔබට දන්වා නොමැති නම්, අපි ඔබේ පුද්ගලික දත්ත කිසිවෙකුට හෙළි නොකරමු.

ඔබගේ පෞද්ගලික දත්ත හුවමාරු කරගන්නා ආකාරය සහ පාර්ශවයන් අප විසින් සීමා කරන අතර, ඒවා හුවමාරු කරගන්නා විට පෞද්ගලික දත්ත රහස්‍යභාවයෙන් යුතුව සහ ආරක්ෂිතව පවතින බවට වග බලාගැනීම සඳහා අවශ්‍ය කරන පියවරයන් අප විසින් ගනු ඇත. ඔබගේ බැංකු සම්බන්ධතාවය සහ පුද්ගලයකු වශයෙන් අප සමග ඇති ඔබගේ අන්තර් ක්‍රියාවන් මත පදනම්ව, ඔබගේ පෞද්ගලික දත්ත හුවමාරු කරගන්නා පාර්ශවයන් වෙනස් විය හැකිය. අපට ඔබගේ අනුමැතිය ලැබී ඇත්නම් සහ නීතියෙන් එසේ කිරීමට අවශ්‍ය නම් හෝ එවැනි හුවමාරුවක් පිළිබඳව ඔබට දැනටමත් දැනුම් දී ඇත්නම් මිස ඔබගේ පෞද්ගලික දත්ත අප කිසිවෙකු වෙත හෙළිදරව් නොකරනු ඇත. ඔබගේ පෞද්ගලික දත්ත අප විසින් පහත පාර්ශවයන් සමග හුවමාරුකරගත හැකිය.මේ සඳහා පහත සඳහන් දෑ ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ.

  • HNB සහ එහි සමූහය
  • අපගේ අනුශාසකයන් සහ උපදේශකයින්
  • අපගේ සේවා හවුල්කරුවන් / සැපයුම්කරුවන්
  • තෙවන පාර්ශවීය ව්‍යාපාරික හවුල්කරුවන්
  • රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන අධිකාරීන්
  • CRIB සහ අනෙකුත් අදාළ ආයතන

5. දත්ත ගබඩා කිරීම

අවශ්‍යතාවය මත පදනම්ව අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත ඉලෙක්ට්‍රොනික හෝ භෞතික ආකාරයෙන් රැස්කර ගබඩා කළ හැකිය. අපගේ ක්‍රියාවලීන් සහ ව්‍යාපාර මෙහෙයුම් වැඩිදියුණු කිරීමට සහ සහාය වීම සඳහා සහ නෛතික හා නියාමන බැඳීම්වලට අනුකූල වීමට, ඔබගේ පෞද්ගලික දත්ත HNB සහ එහි සමූහය තුළ සහ අනෙකුත් තෙවන පාර්ශවයන් සමග අප විසින් ගබඩා කිරීම, හුවමාරු කිරීම සහ මාරු කිරීම සිදුකරනු ලැබිය හැකිය. මෙයට ‘ක්ලවුඩ් වල ගබඩා කිරීම’ සහ ශ්‍රී ලංකාවෙන් පිටත වෙනස් දත්ත ආරක්ෂණ නීති සහිත අධිකරණ බලප්‍රදේශවලට දේශසීමා හරහා මාරුකිරීම් ඇතුලත් විය හැකි නමුත්, එසේ සිදුකරනු ලබන්නේ අදාළ දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූලව පමණි.

6. දත්ත රඳවා තබා ගැනීම

ඔබගේ පුද්ගලික දත්ත රැස් කරන ලද අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය තාක් කල් පමණක් සහ අදාළ නීති සහ රෙගුලාසි වලට අනුකූලව තබා ගැනීමට අපි කැපවී සිටිමු. නිශ්චිත රඳවා ගැනීමේ කාල සීමාවන් දත්ත වර්ගය සහ නෛතික හෝ ව්‍යවස්ථාපිත අවශ්‍යතා අනුව වෙනස් විය හැකි නමුත් සාමාන්‍ය මාර්ගෝපදේශයක් ලෙස:

  • ගිණුම් සහ ගනුදෙනු කළමනාකරණය සඳහා අවශ්‍ය පෞද්ගලික දත්ත, ඔබ අප සමඟ පවත්වාගෙන යනු ලබන බැංකු සම්බන්ධතාවයේ කාලසීමාව පුරාවට සහ ඉන්පසුව අදාළ මූල්‍ය රෙගුලාසි මගින් අවශ්‍ය කරන පරිදි හෝ ඔබ සමඟ ඇති අපගේ සම්බන්ධතාවයට අදාළව අපගේ නීත්‍යනුකූල බැඳීම් මගින් අවශ්‍ය කරන පරිදි අවම කාලපරිච්ඡේදයක් සඳහා රඳවා තබා ගනු ඇත.
  • නෛතික සහ නියාමන අනුකූලතාව සඳහා රැස්කරන ලද දත්ත, නිශ්චිත නීතිමය අවශ්‍යතාවයන්ට සහ කර්මාන්තයට අදාළ ප්‍රමිතීන්ට අනුකූලව රඳවා ගනු ඇත.
  • අලෙවිකරණ සහ පාරිභෝගික සන්නිවේදන අරමුණු සඳහා භාවිතා කරන තොරතුරු, අදාළ නීතිවලට යටත්ව ඔබ විසින් ඔබගේ කැමැත්ත ඉල්ලා අස්කරගන්නා තෙක් හෝ එය මකා දැමීමට ඉල්ලා සිටින තෙක් රඳවා තබාගනු ඇත.

අපගේ ප්‍රතිපත්තියට සහ අදාළ රෙගුලාසිවලට අනුකූල වන බවට වගබලාගැනීම සඳහා අපගේ දත්ත රඳවා තබාගැනීමේ පරිචයන් අපි විසින් නිරන්තරයෙන් සමාලෝචනය කරන්නෙමු. රඳවා තබාගැනීමේ කාලපරිච්ඡේදය කල්ඉකුත් වීමෙන් පසුව, (සංශෝධනය කරන ලද පරිදි) 2022 අංක. 09 දරණ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ පිහිටුවන ලද දත්ත ආරක්ෂණ අධිකාරිය (මෙහි මින්මතුවට ‘DPA’ යනුවෙන් දක්වනු ඇති) විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව අපි ඔබගේ පෞද්ගලික දත්ත සුරක්ෂිතව සහ ස්ථිරවම මකා දමන්නෙමු හෝ ව්‍යාජනාමකරණය (pseudonymize) කරන්නෙමු.

7. දත්ත ආරක්ෂාව

අනවසර ප්‍රවේශයට, අනාවරණය කිරීමට, වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට එරෙහිව ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා අපි විසින් ප්‍රමාණවත් තාක්ෂණික, භෞතික සහ සංවිධානාත්මක ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නෙමු. අපගේ පරිචයන් නෛතික සහ නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල වන බවට ද අපි වගබලාගන්නෙමු. අපගේ රහස්‍ය සහ ආරක්ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යන ලෙසට අප අපගේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර, තවද ඔවුන්ව ඒ සඳහා පුහුණු කරන අතර, තවද තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීම් සහ තොරතුරු පාවිච්චි කිරීම සහ මාරු කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග යොදා ගැනීම ඇතුළුව සුදුසු අනුකූලතා ප්‍රමීතීන් වලට අනුකූල වීමට අප වෙනුවෙන් ඕනෑම කටයුත්තක් සිදුකරන ඕනෑම තුන්වන පාර්ශවයක් අප විසින් බඳවා ගනු ඇත.

8. තෙවන පාර්ශවීය වෙබ් අඩවි

අපගේ ඇතැම් අනුබද්ධ ආයතනයන්හි වෙබ් අඩවි සඳහා ඔවුන්ටම අනන්‍ය වූ පෞද්ගලිකත්ව සහ තොරතුරු මෙහෙයවීමේ පිළිවෙත් තිබේ. ඔවුන් විසින් ඔබගේ පෞද්ගලික දත්ත මෙහෙයවනු ලබන සහ භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් එම අනුබද්ධ ආයතනවල අදාළ රහස්‍යතා නිවේදනය වෙත යොමුවන්න.

අපගේ රහස්‍යතා නිවේදනය, අපගේ දැන්වීම් ප්‍රදර්ශනය කරන වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවි සඳහා හෝ අප විසින් මෙහෙයවීම / පාලනය නොකරන එවැනි වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවි වලට අදාළ නොවේ. කෙසේ වෙතත් අපගේ වෙබ් අඩවිවල තෙවන පාර්ශවීය වෙබ් අඩවි වලට සබැඳියන් (links) අන්තර්ගත විය හැකිය.එවැනි සබැඳියන් (links) ඔබගේ පහසුව සඳහා සපයා තිබුණද, එම සම්බන්ධිත වෙබ් අඩවිවල තොරතුරු මෙහෙයවීමේ පරිචයන් අපගේ මෙන්ම නොවිය හැකි බව ඔබ දැනගත යුතුය. මෙම වෙබ් අඩවිවලට ඔවුන්ගේම රහස්‍යතා නිවේදන තිබිය යුතුවන අතර, ඒවා කියවා බැලීමෙන් ඔබගේ පෞද්ගලික දත්ත සහ ඔබගේ අයිතිවාසිකම් ඔවුන් විසින් රැස්කරන්නේ සහ සකස් කරන්නේ කෙසේදැයි යන වග ඔබට තේරුම්ගත හැකිය.

9. ඔබේ අයිතිවාසිකම්

අදාළ නීතිවලට යටත්ව, ඔබේ පුද්ගලික දත්ත සම්බන්ධයෙන් ඔබට පහත අයිතිවාසිකම් ඇත:

  • ප්‍රවේශය සඳහා ඇති අයිතිය: : ඔබ සම්බන්ධයෙන් අප සතුව ඇති තොරතුරු වලට ප්‍රවේශ වීමට සහ අප විසින් ඒවා සකස් කරනු ලබන්නේ කෙසේදැයි යන්න පිළිබඳව තොරතුරු ලබා ගැනීමට.
  • නිවැරදි කිරීමට හෝ සම්පූර්ණ කිරීමට ඇති අයිතිය: ඔබේ තොරතුරු සාවද්‍ය හෝ අසම්පූර්ණ නම් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීම.
  • ස්වයංක්‍රීය තීරණ ගැනීමක් සමාලෝචනය කිරීමට ඉල්ලා සිටීමට ඇති අයිතිය : ස්වයංක්‍රීය ක්‍රියාවලියක් මගින් ගන්නා ලද තීරණයක් සමාලෝචනය කරන ලෙසට ඉල්ලා සිටීමට.
  • මකා දැමීමට ඇති අයිතිය: ඇතැම් අවස්ථාවන්වලදී, ඔබගේ තොරතුරු මකා දමන ලෙසට ඉල්ලා සිටීමට.
  • ඔබගේ තොරතුරු මකා දැමීමට ඔබ තෝරා ගතහොත්,ඒවා රඳවා තබා ගැනීම සඳහා අපට වෙනත් නීත්‍යනුකූල හේතුවක් ඇත්නම් සහ එසේ කිරීමට අපට හිමිකමක් හෝ අවශ්‍යතාවයක් ඇත්නම් අප විසින් ඔබගේ තොරතුරු දිගටම රඳවා තබාගනු ඇති බව කරුණාවෙන් සලකන්න.
  • කැමැත්ත ලබාදීම ඉල්ලා අස්කර ගැනීමට සහ සකස් කිරීමට විරුද්ධ වීමට ඇති අයිතිය:  ඇතැම් අවස්ථාවන්හිදී, ඔබගේ තොරතුරු සකස් කිරීම සඳහා  ඔබ  විසින් ලබාදී  ඇති  කැමැත්ත ඔබ  විසින්  ඉල්ලා අස්කර ගනු ලැබිය හැකිය.
  • ඔබගේ කැමැත්ත ලබාදීම ඉල්ලා අස්කරගැනීමට ඔබ තෝරා ගතහොත්, එසේ  කිරීම සඳහා අපට වෙනත් නීත්‍යනුකූල හේතුවක් ඇත්නම් අප විසින් ඔබගේ තොරතුරු සකස් කිරීම දිගටම සිදුකරනු ලැබිය හැකිබව කරුණාවෙන් සලකන්න. කැමැත්ත ලබාදීම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, අපගේ නිෂ්පාදන සහ සේවාවන් වලට දිගටම ප්‍රවේශවීමට ඇති ඔබගේ හැකියාවට ද බලපෑම් ඇතිවිය හැකිය.
  • අභියාචනා කිරීම සඳහා ඇති අයිතිය: ඔබගේ දත්ත වලට යටත්වන අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන ලෙසට සිදුකරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් ලබාදෙන ලද තීරණයකට එරෙහිව දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට හෝ අභියාචනයක් සිදුකිරීමට ද ඔබට හැකියාව තිබේ.

මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා, කරුණාකර අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන්න, නැතහොත් ඔබේ දත්ත පිළිබඳව ඔබට ප්‍රශ්න ඇත්නම්, කරුණාකර පහත දක්වා ඇති විස්තර භාවිතා කර අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා ("DPO") අමතන්න.

10. මෙම රහස්‍යතා නිවේදනයට වෙනස්කම් සිදුකිරීම

නීතිමය සහ නියාමන හේතු සඳහා හෝ අපගේ පරිචයන් වල වෙනස්කම් පිළිඹිමු කිරීම සඳහා කලින් කලට අප විසින් මෙම රහස්‍යතා නිවේදනය යාවත්කාලීන කරනු ලැබියහැකිය. ඔබගේ විමසීම් සඳහා අපගේ රහස්‍යතා නිවේදනය www.hnb.lk වෙබ් අඩවියේ ඇත. නවතම සංස්කරණය බැලීම සඳහා කරුණාකර කලින් කලට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

11. අප හා සම්බන්ධ වීම

ඔබට තවදුරටත් තොරතුරු අවශ්‍ය වන්නේ නම් හෝ අපගේ දත්ත ආරක්ෂණ නිලධාරිවරයා (අදාළ අවස්ථාවන්හිදී) සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම්;

  • පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය හරහා අප හා සම්බන්ධ වන්න.

මෙම රහස්‍යතා නිවේදනය හෝ ඔබගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර පහත පරිදි අප අමතන්න:

සම්බන්ධවීමේ අංකය: +94 112 462462
විද්‍යුත් තැපෑල: hnbconnect@hnb.lk

ලිපිනය:
ප්‍රධානි -පාරිභෝගික අත්දැකීම් 
HNB ටවර්ස්,
19 වන මහල, අංක 479,
ටී.බී. ජයා මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

  • අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා (DPO) හා සම්බන්ධවන්න.

ඔබගේ පෞද්ගලික දත්ත හෝ මෙම රහස්‍යතා නිවේදනය සම්බන්ධයෙන් ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇත්නම් පහත සඳහන් පරිදි අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා සමග සම්බන්ධ වන්න:

විද්‍යුත් තැපෑල: DPO@hnb.lk
ලිපිනය:
දත්ත ආරක්ෂණ නිලධාරී,
HNB ටවර්ස්,
11 වන මහල, අංක 479,
ටී.බී. ජයා මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.