Skip to main content

1. හැඳින්වීම


HNB වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකී) පිළිබඳ ප්‍රතිපත්තිය මගින්, ඔබගේ සොයා බැලීමේ (browsing) අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා අපි විසින් ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) සහ ඒ හා සමාන තාක්ෂණයන් භාවිතා කරන්නේ කෙසේදැයි යන වග පැහැදිලි කරන්නෙමු. අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම මගින්, මෙම ප්‍රතිපත්තියේ විස්තර කර ඇති පරිදි ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද‘ (කුකීස්’) භාවිතා කිරීමට ඔබ විසින් කැමැත්ත ලබාදෙයි.


2. ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද (කුකීස්)’ යනු මොනවාද?

‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) යනු, ඔබ වෙබ් අඩවියකට පිවිසුනු විට ඔබගේ උපාංගයේ ගබඩා වන කුඩා පාඨ ගොනුය. ඒවා, වෙබ් අඩවියට ඔබගේ උපාංගය හඳුනා ගැනීම සඳහා සහ ඔබගේ ප්‍රමුඛතාවයන් සහ පසුබිම වැනි ඔබගේ පිවිසීම පිළිබඳ තොරතුරු මතකයේ රඳවා තබාගැනීමට උපකාරී වේ.

3. අපි ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) භාවිතා කරන ආකාරය

පහත දැක්වෙන අරමුණු සඳහා අපි ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’(කුකීස්) භාවිතා කරන්නෙමු:

  • අපගේ වෙබ් අඩවියේ නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා
  • අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය විශ්ලේෂණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට
  • ඔබගේ ප්‍රමුඛතාවයන් මතකයේ රඳවා තබා ගැනීම මගින් ඔබගේ අත්දැකීම් පෞද්ගලීකරණය කිරීමට
  • ඔබගේ ප්‍රමුඛතාවයන් මත පදනම්ව ඉලක්කගත වෙළඳ දැන්වීම් ලබා දීමට

4. අපි භාවිතා කරන ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’(කුකීස්) වර්ග

අත්‍යවශ්‍ය ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්):  අපගේ වෙබ් අඩවියේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ‘මෙම පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) අවශ්‍ය වේ.  ඒවා මගින්, පිටු මත සැරිසැරීම (page navigation) සහ ආරක්ෂිත ප්‍රදේශ වෙත ප්‍රවේශ වීම වැනි මූලික විශේෂාංග සක්‍රීය කරයි. 

විශ්ලේෂණාත්මක / කාර්ය සාධන ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්):   පරිශීලකයින් විසින් අපගේ වෙබ් අඩවිය භාවිතා කරන්නේ කෙසේදැයි යන්න විශ්ලේෂණය කිරීමට මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) අපට ඉඩ ලබාදෙයි.  පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය ප්‍රශස්ත කිරීම ආදිය සඳහා අපි මෙම තොරතුරු භාවිතා කරන්නෙමු. 

ක්‍රියාකාරී ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්):  මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) මගින්, ඔබගේ ප්‍රමුඛතාවයන් සහ තෝරාගැනීම් ආදිය මතකයේ රඳවා තබාගැනීම වැනි වැඩිදියුණු කළ ක්‍රියාකාරිත්වය සහ පෞද්ගලීකරණය සක්‍රීය කරයි. 

සමාජ මාධ්‍ය ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්): විඩීයෝ සහ ප්‍රතිචාර (feeds) වැනි ඇතුලත් කරන ලද අන්තර්ගතයන් (embedded content) ප්‍රදර්ශනය කිරීමට හැකිවනු පිණිස, සමාජ මාධ්‍ය වේදිකා මගින් මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) සකස් කරනු ලබයි.  ඒවා මගින්, වෙබ් අඩවි හරහා ඔබගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර පෞද්ගලික දත්ත එකතුකරනු ලැබිය හැකිය. 

ප්‍රචාරණ ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්):  ඔබගේ රුචිකත්ව මත පදනම්ව අදාළ ප්‍රචාරණයන් ඔබට පෙන්වීම සඳහා සහ ප්‍රචාරණ වැඩසටහන් වල ඵලදායීත්වය ගණනය කිරීම සඳහා, මෙම ප්‍රචාරණ ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) දැක්වීම සිදුකෙරේ. මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) මගින් ඔබගේ පෞද්ගලික දත්ත නිරික්ෂණය කරනු ලැබිය හැකිය. 

වෙනත් ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්): විශ්ලේෂණ, සමාජ මාධ්‍ය හෝ ප්‍රචාරණ යටතේ ආවරණය නොවන අතිරේක වෙබ් අඩවි විශේෂාංග සපයන තුන්වන පාර්ශවීය සේවා මගින් මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) දක්වයි.  

.

5. තෙවන පාර්ශවීය ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්)

අපගේ වෙබ් අඩවියේ ඇති සමහර ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) තෙවන පාර්ශවීය සේවාවන් විසින් සකසා තිබිය හැක. මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) සම්බන්ධයෙන් අපට කිසිදු පාලනයක් නොමැති අතර, ඒවා සපයන තෙවන පාර්ශවීය රහස්‍යතා ප්‍රතිපත්තිවලට ඒවා යටත් වේ.

6. ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) කළමණාකරණය කිරීම

ඔබට ඔබගේ බ්‍රවුසරයේ සැකසුම් (browser settings) හරහා ඔබගේ ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදයේ’ (කුකී) මනාපයන් කළමණාකරණය කළ හැකිය. බොහෝ බ්‍රවුසර් මගින් ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) ප්‍රතික්ෂේප කිරීමට හෝ පිළිගැනීමට සහ ඒවා මකා දැමීමට ඔබට ඉඩ සලසයි.  ඔබගේ බ්‍රවුසරයේ ඇති ‘උදව් ^Help&’ කොටස මගින්, ඔබගේ ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදයේ’ (කුකී) සැකසුම් (settings) කළමණාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සපයයි. ඔබ විසින් සියලුම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේද’ (කුකීස්) ප්‍රතික්ෂේප කළහොත්, ඔබට අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට නොහැකි විය හැකි බව කරුණාවෙන් සලකන්න.

7. මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකී) පිළිබඳ ප්‍රතිපත්තියට වෙනස්කම් සිදුකිරීම

අපගේ පරිචයන් වල සිදුවන වෙනස්කම් පිළිබිඹු කිරීමට හෝ වෙනත් මෙහෙයුම්, නෛතික හෝ නියාමන හේතුන් මත අප විසින් මෙම ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකී) පිළිබඳ ප්‍රතිපත්තිය යාවත්කාලීන කරනු ලැබිය හැකිය. ඔබගේ පහසුව සඳහා අපගේ ‘පෞද්ගලික දත්ත සැකසීමේ ක්‍රමවේදය’ (කුකී) පිළිබඳ ප්‍රතිපත්තිය www.hnb.net සහ www.hnb.lk හි ඇත. නවතම සංස්කරණය සඳහා කරුණාකර කලින් කලට වෙබ් අඩවියට පිවිසෙන්න.

8. අප හා සම්බන්ධ වීම

ඔබට තවදුරටත් තොරතුරු අවශ්‍ය වන්නේ නම් හෝ අපගේ දත්ත ආරක්ෂණ නිලධාරිවරයා (අදාළ අවස්ථාවන්හිදී) සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම්;

  • පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය හරහා අප හා සම්බන්ධ වන්න.

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය හෝ ඔබගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර පහත පරිදි අප අමතන්න:

සම්බන්ධවීමේ අංකය: +94 112 462462

විද්‍යුත් තැපෑල: hnbconnect@hnb.lk

ලිපිනය:
ප්‍රධානී - පාරිභෝගික අත්දැකීම්
HNB ටවර්ස්
19 වන මහල, අංක. 479
ටී.බී. ජයා මාවත
කොළඹ 10
ශ්‍රී ලංකාව

  • අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා (DPO) හා සම්බන්ධ වන්න.

ඔබගේ පෞද්ගලික දත්ත හෝ මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇත්නම් පහත සඳහන් පරිදි අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා සමග සම්බන්ධ වන්න:
විද්‍යුත් තැපෑල: DPO@hnb.lk

ලිපිනය:
දත්ත ආරක්ෂණ නිලධාරි
HNB ටවර්ස්
11 වන මහල, අංක. 479
ටී.බී. ජයා මාවත
කොළඹ 10
ශ්‍රී ලංකාව